Friday, August 30, 2013

සුපර් මෑන්ද? කාල තරණය කරණ කෙනෙක්ද?

                                  සුපර් මෑන්ද? කාල තරණය කරණ කෙනෙක්ද?



කාලෙකට පස්සේ තමයි බ්ලොග් එක පැත්තට ආවේ.බලොග් එක සම්පුර්නයෙන්ම වෙනස් කරා.වෙනස් කරන්න ගිහින් පොඩි පොඩි අප්සට් නන් ආවා.ඒටිකත් හුගක් දුරට ඉවරයි.
අද ලියන්නේ නම් එච්චර දිග පෝසට් එකක් නෙමෙයි.ඒ වුනාට මේ කතාවත් එක්තරා විදිහක අභිරහසක්.මේක මම දැක්කෙනන් මීට ගොඩක් කලින්.වැඩ ටිකක් වැඩි හින්දා දාන්න වුනේ නෑ.වැඩිය වටේ යන්න ඕන නෑ.කෙලින්ම කතාව කියන්නන්කෝ.
     
මේ සිද්ධිය වෙලා තියෙන්නේ චීනයේ.ගොඩක් අය මේක බලලත් ඇති.බලපු නැති අය පල්ලෙහා
තියෙන් වීඩියෝ එක බලලම ඉක්කකෙ‍ා.(හැබැයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරේ නන් මම නෙමෙ)

වීඩියෝව බලන්න මෙතනින් යන්න






  මේක පටිගත වෙලා තියෙන්නෙ චීනයේ සීසීටීවි එකක.හදපු එකක් නෙමේ කියලා 100%ක්ම මට කියන්න බෑ.(මට හිතෙන විදිහට නන් මේක හදපු එකක් නෙමේ).වීඩියෝ එක හරියට බැලුවනන් ඔයාලා දකින්න ඇති ලොරියේ හැප්පෙන්න ගිය බයිසිකල් එක එක සැරේම අතුරුදහන් වෙලා වෙන තැනකින් මතු වෙනවා.ඉබේ වෙන්නෙ නෑ වෙගෙන් එතෙන්ට එන පුද්ගලයෙක් තමයි ඒක කරන්නේ.ලොරියෙ එන කෙනා වාහනේ නවත්තලා වාහනේ යටත් බලනවා ඇත්තටම හැප්පුනාද කියලා.බයිසිකලේ ආපු පොරත් එහෙමම තමයි.



   
 ගොඩක් කට්ටිය කියන්නෙ නම් මේක ගේම් එකක් ප්රමෝට් කරන්න කරපු දෙයක් කියලා.හැබැයි මේ සිද්ධියට අමතරව මේ හා සමාන සිදුවීම් ගොඩක් චීනයේ සිද්ධ වුනා.තවමත් වෙනවා.ගේම් එකක් ප්රමෝට් කරන්න කරපු දෙයක් මෙච්චර කාලයක් කරනවා කියන එකත් පිලි ගන්න ටිකක් අමාරුයි.අනිත් සිදුවීම් වල වීඩියෝ නන් මට හොයා ගන්න බැරි වුනා.ඒ වත් අනිවා දාන්නන්.තවත් අය හිතන්නේ මෙයා මනස දියුනු කරගත්තු කෙනෙක් කියලා.ඒ වගේම සමහරු පිලිගන්නේ මෙයා කාලය එක්ක ගනුදෙනු කරන කෙනෙක් කියලා.(Teleportation ක්රමයට ගමන් කරන කෙනෙක් කියලා)




මගේ පවුද්ගලික අදහස නන් මේ සිද්ධියටත් පිටසක්වල සම්බන්ධයක් ඇති කියලා.(උඹලා බලනවා ඇති මමත් නිකන් ෆ්රෙඩී හැම මගුලටම රතු ඇස්කොට්ව අලල්නවා වගේ මූත් හැම රෙද්දටම ඒලියන්ස්ලව අල්ලනවනේ කියලා).ඔයගොල්ලොත් මේ සීන් එක ගැන මොනවා හරි දන්නවා නන් අනිත් අයට බලා ගන්නත් එක්කම කොමන්ටුවක් දාන්න.......................





පෝස්ට් එක හිතට ඇලලුවනන් අනිවා කොමන්ට් එකක් දාන්න...........ඒක පොඩි දෙයක් උනාට අපිට ඒක ගොඩක් වටිනවා.පුලුවන්නම් ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේ ලින්ක් එක ඔයාලගේ ෆේස් බුක් එකේ දාන්න........








එහෙනන් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු


No comments:

Post a Comment

කමන්ට් එකක් දාලා සපෝර්ට් එකකුත් දීලම යන්න....................................................................................................