මහ මුහුදේ මායාකාරියන්,දියකිදුරියෝ


         මහ මුහුදේ මායාකාරියන්,දියකිදුරියෝ


“දිය කිදුරියෝ“, මේ නම ඇහෙනකොටම අපේ හිත්වල මැවෙන්නේ අඩක් මත්සයෙක් වූත් අඩක් ඉතාමත් ලස්සන අහිංසක කාන්තාවකගේ රූපයක්.මොනවා වුනත් පුරාවෘත වලට අනුව දිය කිදුරියෝකියන්නේ ශාප ලත් පිරිසක්.ඒවගේම ඒ අය කියන තරම්ම අහිංසක අයත් නෙමෙයි.එක එක රටවල් වල,විවිධ විවිධ ආගම් වල අය දියකිදුරියන් ගැන එක එක විධිහේ කතා ගොඩක් තියෙනවා.මොන විධිහේ කතා කිව්වත් දිය කිදුරියන් කියලා කියන සත්ව විශේෂය අදටත් මනහ්කල්පිත සත්වයින්ගේ කොට්ඨාශයට තමයි අයිති වෙන්නේ.කිහිප වතාවක්ම මේ සත්වයින් ගැන විවිධ ප්රදේශ වලින් වාර්ථා වුනත් පිලිගන්න තරම් සාක්ෂි මදි කියලා තමයි විද්‍යාඥයින් නම් කියන්නේ.


“දියකිදුරියන් විවාහ කර ගැනීම අකාලයේ මරණය ලගා කරගැනීමකි“.මේ චීනයේ ඈත අතීතයෙ ඉදන් භාවිතා වන ප්රස්ථා පිරුළක්.මේ ප්රස්ථා පිරුළ පිටිපස්සේ කථාවක් තියෙනවා.ඔවුන් කියන විදිහට දියකිදුරියන් කියන්නේ සිත් වශීකරගන්නා තරම් රූසපුවකින් හෙබි කාන්තාවකගේ උඩුකයක් ඇති සත්ව විශේශයක්.ඒ කාලේ චීන ධීවරයින් විසින් වශී ගුරුකම් මගින් මේ දියකිදුරියන්ව වශී කරගෙන විවාහ කරගෙන තියෙනවා.නමුත් ඔවුන් දැනගෙන ඉදලා නෑ ඒ නිසා ඔවුන් කිදුරු ශාපයට ලක් වු බව.මේ විදිහට කිදුරියන් විවාහ කර ගත් ධීවරයින් වැඩි කල් යන්න කලින්ම කිදුරු ශාපහට ලක් වෙලා අකාලයේම මැරිලා ගිහින්.ඒ නිසාලු  දියකිදුරියන් විවාහ කර ගැනීම අකාලයේ මරණය ලගා කරගැනීමක් කියලා ඔවුන්  විශ්වස කරන්නේ.මෙහෙම තමයි චීන ජනතාව දිය කිදුරියන් ගැන  විශ්වාස කරන්නේ.මොනවා වුනත් අදටත් චීන ධීවරයින් මුහුදු යන්න කලින් කිදුරු පහන කියලා පහනක් පත්තු කරනවලු.ඒ ඔවුන්ට යම් හෙයකින් මුහුදේදී කිදුරියක් හමු වුවහොත් ඔවුන් කෙරෙහි තම සිතෙහි ආදරයක් ඇති නොවේවා යනුවෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටීමටය.


ජෛන ආගමේත් දියකිදුරියන් ගැන කියවෙනවා. දේව ආශිර්වාදය හා මිනිසෙකුගේ පින් මහිමයෙන්  දියකිදුරියක වී ඉපදුන ලද ජෛන කාන්තාවක් ඉතා ලස්සන කතා පුවතක් “කිදුරු වැනුම“ නමින් ජෛන සාහිත්‍යෙය් කියවෙනවා.
නමුත් ඈත අතිතයේ පටන්ම යුරෝපීය නාවිකයින්ගේ සිත් තුල දියකිදුරියන් ගැන ඇත්තේ වෙනස්ම ආකාරයේ සිතිවිල්ලක්.ඔවුන් දියකිදුරියන් ලෙස හදුන්වන්නේද පෙර කී ආකාරයේම භාහිර ස්වභාවයක් ඇති සත්ව කොට්ඨාශයකටයි.නමුත් ඔවුන් විශ්වාස කරන්නේ දියකිදුරියන් එක්තරා ආකාරයේ මායා කාරියන් පිරිසක් ලෙසටය. දියකිදුරියන් නාවිකයින්ව වශී කරගෙන ඔවුන්ව තමන් පසු පස මුහුද තුලටම ගෙන්වා පසුව ඔවුන්ව ආහාරයට ගන්නා බව ඔවුන්ගේ මතයයි.







ඉහත සදහන් කරන ලද කරුණු සියල්ලම එකට ගත් කල එක කාරණයක් පොදු වේ.ඒ දියකිදුරියන් යනු මිනිසුන් වශී වන තරම් රූපකායක් ඇති සත්ව කොට්ටාශයක් යන්නයි.එය තව තවත් ඔප්පු කරනා සිදුවීමක් 1952දී සිදු විය.ඒ ඇමරිකානු නාවික කපිතාන් වරයෙකු වූ ලුතිනන් ජෙනරල් පිට්සන්ගේ දින පොතේ සදහන් කර තිබූ සිදුවීමයි.එහි සදහන්ව තිබුනේ ඔහු විසින් මහ මුහුද මැදදි අහඹු ලෙස දකිනා ලද දියකිදුරියක් ගැනය.ඔහු සදහන් කර තිබූ ආකාරයට ඔහු දුටු දිය කිදුරියට සිත් වසග කරනා රූපයක් ඇති බවය.තවද මුහුදු වෙරලවල් වලට දියකිදුරියන්ගේ යැයි සැක කල හැකි මල සිරුරු ගොඩ ගැසීම් කිහිපයක්ම වාර්ථා වුවත් විද්‍යාඥයන් තවමත් මේ සතුන්ව තබා ඇත්තේ මනහ්කල්පිත සත්ව කොට්ටාශයේය.







මේ පෝස්ට් එක ලියන්න විකීපීඩියා වලින් ලොකු සපෝර්ට් එකක් ගත්තා.ඒ වගේම ලංකාදීප පත්තරේ ගියපු ආර්ටිකල් එකෙනුත් ලොකු සපෝර්ට් එකක් ගත්තා.එහෙනන් හැමෝටම ස්තූතියි. දියකිදුරියන් ගැන තව දැනගන්න ඕන නම් ගූගල් එකේ මර්මේඩ් කියලා සර්ච් කරන්න.මැරෙන්න කලින් හැමෝටම එක සැරයක් හරි දියකිදුරියක්ව බලා ගන්න චාන්ස් එකක් සෙට් වේවා කියලා විශ් කරලා අපි ගියා.........(හැබැයි පුතෝ මැරෙන්න ආස නන් විතරක් බැද ගනිල්ලා ඈ)








පෝස්ට් එක හිතට ඇලලුවනන් අනිවා කොමන්ට් එකක් දාන්න හොදේ...........ඒක පොඩි දෙයක් උනාට අපිට ඒක ගොඩක් වටිනවා.පුලුවන්නම් ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේ ලින්ක් එක ඔයාලගේ ෆේස් බුක් එකේ දාන්න........



එහෙනන් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු


13 comments:

  1. Ela ela.kalin ahala tibune nathi side ekak

    ReplyDelete
  2. තෑන්ක්ස් මචා.......තව ඒවා ඉස්සරහට දාන්නන්....

    ReplyDelete
  3. එල එල .. යූ ටියුබ් එකේ වීඩියෝ එකක් තිබුණා සබ්මැරීන් එකක කැමරාවකට අහම්බෙන් අහුවුණූ දියකිඳුරියක්. මේකට ඇඳාගන්න පුළුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. කළු කුමාර අය්යේ ඉස්සෙල්ලම කියන්න ඹ්න පට්ටම තෑන්ක්ස් කියලා සයිට් එකට ජොයින් වෙච්ච එකටයි කමන්ට් කරපු එකටයි.
      මමත් වීඩියෝ ටිකක් බැලුවා යූ ටියුබ් එකේ.ඒවා ටිකක් නන් ෆේස් බුක් එකටත් දැම්මා.පුළුවන් නන් කළු කුමාර අයියේ ඒ ලින්ක් එකත් දාන්නකෝ කට්ටියටම බලන්නත් එක්ක. මම පත්තරේ දැක්ක ඒ සම්බන්ද ලිපියක්.මම හිතන්නේ ඒ ඹයා කියපු එක තමයි.
      ඉඩ තියෙන වෙලාවක දාන්නකෝ එහෙනන්.
      අපිත් එක්ක දිගටම ඉන්න හොදේ..........

      Delete
    2. හ්ම්ම්ම්! ඔය වශී කර ගන්න සීන් එක filmz වලත් තියෙනවා නේද! සුපිරි වැඩක් !! ¥

      Delete
    3. ඔවු මචෝ මටත් කොල්ලෙක් පේස් බුක් එකෙන් කිව්වා.එක වෙලාවකට හිතෙනව ඉතින් වශී වුනත් කමක් නෑ එක සැර්‍යක් හරි බලන්න ලැබෙනවනන් කියලා. ;)

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අෆ්ෆටසිරි... කාලෙකින් දැක්කේ... මට එන්න බැරිම වුණා බ්ලොග් පිටු පැත්තට. :( අර ලින්ක් එක දැන්නම් මට මතකත් නෑ මලයෝ... බලමු අපි...

    ( කළු කුමාර යක්ෂයා )

    ReplyDelete
    Replies
    1. awulak na boss.mamath pahu giya dawas wala patta busy.ada thamai niwadu hambone.aniwa hoyala danawa....

      Delete
  6. mcn mama page ekak karanwa ekata me wage abirahas de thama yoda ganne ekata mama mekan wisthara gaththata kamak na neda? meka hugak watina post ekak ekai

    ReplyDelete
    Replies
    1. kisima awulak na macho......puluwannan mage udawwak widihata mage blog eke link ekath post ekath ekka danna.nathi unath kamak na.oyage blog eke link ekath ewanna mn e patte awith yannan.ada dapu post ekath kiyawala balanna.me mage fb linl eka.

      https://www.facebook.com/shaggywaruna

      Delete
  7. hoda wadak issarahatath man balanawa

    ReplyDelete

කමන්ට් එකක් දාලා සපෝර්ට් එකකුත් දීලම යන්න....................................................................................................