වැලිකතරට යට වූ ඊජිප්තුවේ අභිරහස්

        වැලිකතරට යට වූ ඊජිප්තුවේ අභිරහස් 
                            1-කොටස  




                          හැමදාම හොල්මන් කතා කියවන එකත් කම්මැලි වැඩක්නේ.ඒක නිසාම අද බැලුම්ගලට ටිකක් වෙනස් කතාවක් ලියනවා.ලෝකෙ තියෙන විශාලම අභිරහස “පිරමීඩ“ ගැන තමයි දාන්න හදන්නේ.ටිකක් වෙනස් මාතෘකාවක් තමයි.කියවලා බලන්නකෝ.


                                           1
පිරමීඩ තියෙන්නේ කොහේද කියලා අමුතුවෙන් ඔයාලට මතක් කරන්න ඕන නෑනේ?ඉස්සෙල්ලම පටන් ගමු ගීසා වල තියෙන යෝධ පිරමීඩයෙන්(චිඕප්ස් පිරමීඩය).එසේ මෙසේ පිරමීඩයක් නෙමේ,අඩි 450ක් උසයි.(ඒකනේ යෝද පිරමීඩය කියලා කියන්නේ)මේක හදන්න ගල් 2,600,000ක් විතර ගිහින් තියෙනවා. එක ගලක් ටොන් 2කට වඩා බරයි.හැම ගලක් අතරම 1සෙ.මි විතර පරතරයක් තමා ඉතිරි කරල තියෙන්නේ.මේ පිරමීඩය ජ්යාමිතිය අනුව 100% නිවැරදියි.ඒ කියන්නේ විශිෂ්ඨ ගෘහනිර්මාණ ශිල්පයක් ඒ කාලේ තිබුණා කියන එකනේ.(ඒ කියන්නේ ක්රිස්තු පූර්ව 2560 දි විතර.පුදුමයි නේ).විද්යාත්යයන් කියන්නේ නම් වර්තමානයේ අපේ දියුණු තාක්ෂණයෙන් අපි මේක හදනවනම් අපිට අවුරුදු 75ක් විතර යයි කියලා.දන්නවද ඉස්සර මිනිස්සු කොච්චර කල් මේ පිරමීඩෙ හැදුවද කියලා?අවුරුදු 22යි.විශ්වාස නෑනේ?ඒ විදිහට හදන්න නම් හැම තත්පර 9කටම එක ගලක් ගානේ මෙතනට ගේන්න ඕනලු.කොහොමද ටොන් 2ක් බර ගලක් තත් 9ක් ඇතුලත අරන් එන්නේ?ඒගොල්ලොන්ට කවුරුහරි උදවු කරාද දන්නෑ?ඕක තමයි 1වැනි අභිරහස.



                                        2 
           පෘතුවියේ මුලු භූමි ස්ඛන්දයේම කේන්දු ස්ථානය තියෙන්නේ දිගම අක්ශාන්ෂ හා දිගම දේශාන්ශ රේකාව එකට කැපෙන තැන.දන්නවද එතන මොකද්ද තියෙන්නෙ කියලා?එතන තමයි මේ යෝධ පිරමීඩය තියෙන්නේ.කොහොමද ඉස්සර මිනිස්සු හරියටම එතනම පිරමීඩෙ හදන්න තීරණය කලේ?තාම අභිරහසක්!





                                                3


ancientx.com
egyptguidetravel.com





මේකත් ඊජිප්තුවේ කතාවක්.හැබැයි පිරමීඩ වල සම්බන්ධයක් නෑ.ඊජිප්තුවේ ඩෙන්ඩ්රා වල තියෙන හාතර් දෙවොලේ තිබුන චිත්රයක් තමයි මේ.මේ රෑපෙ තියෙන උපකරනෙ දිහා බලන්න. දිග වයරයකුත් එක්ක මැද සූත්රිකාවක් වගේ දෙයක් තියෙනවා.හරියට බල්බ් එකක් වගේ.ඒ කාලේ මිනිස්සු බල්බ් පාවිච්චි කරාද?නැත්නම් වෙන කවුරු හරි පාවිච්චි කරනවා දැකලද?ඇත්තටම මොකද්ද ඒ?තාම අභිරහසක්.







                                                 4

forbiddenarcheology.blogspot.com



මෙන්න තවත් පිරමීඩ අභිරහසක්.අහලා ඇතිනේ පිරමීඩ වල රහස් කුටි තියෙනවා කියලා.මේකත් එහෙම එකක්.මේකේ දොර අරින්න තඹ හැඩල් දෙකකුත් තියෙනවා.බොහෙම අහම්බෙන් තමයි හොයාගෙන තියෙන්නේ.ඒතරම් සූක්ශම විදිහට ඒක හදලා තියෙනවා.දන්නවද මේ කුටියේ මොනවද තිබුනෙ කියලා.මුකුත් තිබිලා නෑ.මොනවත්ම දාන්න නැත්නම් ඇයි මෙහෙම කුටි හදලා තියෙන්නේ?ඇයි ඒකත් ඒතරම් හන්ගලම හදලා තියෙන්නේ?ඒකත් ඉතින් අභිරහසක්ම තමයි.





                                              5

www.timstouse.com
         ඔන්න මම කැමතිම අභිරහසක්.ඇබිඩෝස් දේවාලේ කුලුනක තිබුන රූප තමයි ඔය තියෙන්නේ.බලන්න දැකලා පුරුදු දේවල් තියෙද කියලා?බලන්න නූතන යුගයේ හෙලිකොප්ටරයක් වගේ එකක් නැද්ද කියලා.එතකොට යුද්ධ ටැංකි,ප්රහාරක යානා වගේ දේවල් වලට සමාන රූප තියෙනවා නේ?අවුරුදු 3500කට කලින් මේ දේවාලෙ හදපු කෙනා කොහොමද මේවා දැකලා තියෙන්නේ?ඒ අය ඕවා පාවිච්චි කරාද?නැත්නම් කවුරු හරි පාවිච්චි කරනවා දැකලා තිබුනද?අදටත් අභිරහසක්.




                                                    6





දැකපු ගමන්ම හිතෙනවා ඊජිප්තුවේ රූපාකෂර කියලා.මම හරිනේ?මමත් එහෙම තමයි හිතුවේ.පිලිගන්න පුලුවන්ද මෙවා හොයා ගත්තේ ඕස්ටේලියාවෙන් කියලා කිවුවම?ඔවු මේ රූපාක්ශර හොයාගෙන තියෙන්නේ ඕස්ටේලියාවෙ සිඩ්නි නුවර‍ දඩයම් නිම්නයේ වනඋද්යානයෙන්.මේවා අතරින් පැහැදිලිවම අනුබිස් දෙව්රුව අදුර ගන්න පුලුවන්.කොහොමද මේවා ඕස්ටේලියාවට ගියේ?ඒ කාලේ මිසර ශිෂ්ඨාචාරේ ලෝකේ පුරාම තිබිලද?නැත්නම් ඊජිප්තු වැසියො දේශාඨනය කරාද?ඒකත් එක අභිරහසක් තමයි.






                                                7

         මේ තමයි මම ආසම සිද්ධිය.ඒ තමයි රොස්වෙල් සිද්ධිය.(රොස්වෙල් සිද්ධිය ගැන මම තනි පෝස්ට් එකක් දානවා).කාලගුණ බැලුමක් කඩා වැටුන කියලා තමයි ප්රසිද්ධ උනේ.හැබැයි දැන්නම් ටික ටික වැඩේ මාට්ටු වෙගෙන යන්නේ.ඒවගෙන් වැඩක් නෑ ඔයාලා බලනව ඇතිනේ රොස්වෙල් සිද්ධියයි පිරමීඩයි අතර තියෙන සම්බන්දේ මොකද්ද කියලා.පිනතූරෙ බලන්නකො.වම් පැත්තේ තියෙන්නේ පිරමීඩයක ඇතුලු වීමේ දොරටුවක තියෙන රූපාක්ෂර වගයක්.එතකොට අනිත් පැත්තේ තියෙන්නේ රොස්වෙල් සිද්ධිය වුනු තැන තිබිලා හමු වුනු ලෝහ කැබැල්ලක්.බලන්න රූපාක්ෂර සමාන නැද්ද කියලා.ඔයාලා දන්නවා ඇතිනෙ ඇත්තටම රොස්වෙල් වලට කඩන් වැටුනේ පිටසක්වල යානයක් කියලා.ඉතින් මොකක්ද මේ පිටසක්වලයි ඊජිප්තුවයි අතර සම්බන්දය?පුරාණ ඊජිප්තු කතා වල තියෙනවා පිරමීඩ හදන්න අහස ආරක්ෂා කරන දෙවියන් උදවු කරා කියලා.කවුද මේ දෙවිවරු? පිටසක්වල ජීවින්ද?නැත්නම් කොහොමද ඊජිප්තු වැසියො එච්චර ඉක්මනට පිරමීඩ හැදුවේ?මගේ පෞද්ගලික මතය නම් පිටසක්වල ජීවීන් හා පුරාණ ඊජිප්තුවැසියන් අතර සෘජු සම්බන්ධයක් තියෙනවා කියන එකයි.


පෝස්ට් එක ලොකු වැඩි වුනාමත් චාටර් නිසා ඉතුරු ටික පස්සේ දාන්නන්

                             -මතු සම්බන්දයි-



         දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්ත කියලා හිතනවා.මට මේක ලියන්න මල් කැකුලු බ්ලොග් එක,චතූගේ කතා බ්ලොග් එක,වල්පල් බ්ලොග් එකෙනුත් උදව් ගත්ත.ඒ අයටත් ස්තූතියි.......
ඉස්සරහට ඒලියන්ස්ලා ගැන දාන්න අදහසකුත් තියෙනවා.


පෝස්ට් එක හිතට ඇලලුවනන් අනිවා කොමන්ට් එකක් දාන්න හොදේ...........ඒක පොඩි දෙයක් උනාට අපිට ඒක ගොඩක් වටිනවා.පුලුවන්නම් ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේ ලින්ක් ඔයාලගේ ‍ෆේස් බුක් එකේ දාන්න........



එහෙනන් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු


















12 comments:

  1. machan post eka maru.digatama dapan macho.maara rasawath.

    "මේක හදන්න ගල් 26000ක් විතර ගිහින් තියෙනවා. එක ගලක් ටොන් 2කට වඩා බරයි."

    menna methana harida malli?mama danna widihataeeta wada wadiy.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අය්යා............
      අප්පටසිරි ඒක දැක්කේ දැන්.බිංදු එකක් නෙමේ දෙකක්ම අඩුවෙලා.මම දැක්කෙත් දැන්.ඒක පෙන්නලා දුන්නටත් තෑන්ක්ස්.ගල් 2600000 පාවිච්චි කරලා තියෙනවා.බර නම් හරි වගේ.

      Delete
  2. bro මමනම් කියවල තියෙන විදිහට ගල් ගනණ හරි,.,ඒත් එක ගලක බර ටොන් 7.25ක් කියල තමා මම කියවල තියෙන්නේ...පෝස්ට් එකනම් සුපිරි,.,.මමත් තදින්ම විස්වාස කරනව ඊජිප්තු, මායා, රාවණා යන ශිෂ්ඨාචාර වලට පිටසක්වල සඹඳතා තිබුනා කියල...

    ~Ksudaraka~

    ReplyDelete
    Replies
    1. කමන්ට් කරලා කිව්වට පට්ටම තෑන්ක්ස් අය්යා............මම තව හොයල බලන්නන්.

      ඊජිප්තු, මායා, රාවණා යන ශිෂ්ඨාචාර වලට පිටසක්වල සඹඳතා තියෙනවා කියලා විශ්වාස කරන්න පුලුවන් සාධක තවත් හම්බුවෙලා තියෙනවා.ඒවත් එකතුකරලා තව එකක් දාන්නන්.

      දිගටම ටච් එකේ ඉන්න හොදේ......

      Delete
  3. Nice work. Aththatama dannathi godak dewal danagaththa. Math odak asai me subject ekata.

    ReplyDelete
    Replies
    1. Tnx machaaaa.
      Oya side ekata interst tiyena aya innawanan e ayatath kiyanna macho.

      Comment karala support karana eka nan ela.mata e comment mareta watinawa.

      Delete
  4. PaTTa PaTa PaTa !!! Meh DewaL Mnn KawaDaawaTh AhaLa Nah! Thnx AyYeh =) !!!!

    ReplyDelete
    Replies
    1. අපි අහල නැති ගොඩක් අභිරහස් මේ ලොකෙ තියෙනව.පුලුවන් තරමක් තව ඉස්සරහට දාන්නන්.කොමන්ට් කරාට tnx සහෝ

      Delete
  5. Replies
    1. comment karala support karata tnx.............anith ewath kiyawanna

      Delete
  6. මේ වගේ දේවල් කියවන්න ගොඩක් කට්ටිය කැමති උනාට , ලියන්න කැමති ක්වුරුත් නෑ. කවුරු හරි ලියන්න කැමති උනත් ඒ හැකියාව තියන අර ගොඩක් අඩුයි. ඒ අතින් ඔයා ඔය කරන service එක පට්ට.. තව posts දාන්න... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. godak sthuthiy malliyo.....oyalath me wage dewal gana dannawa nan matath kiyanna.mamath thawa wisthara hoyala dannan

      Delete

කමන්ට් එකක් දාලා සපෝර්ට් එකකුත් දීලම යන්න....................................................................................................