ආදරණීය ගුරුතුමාණෙනි...,

                                                 
             ආදරණීය ගුරුතුමාණෙනි...,

        දෙවන ලෝක යුද්ධයෙන් පසු සමයේ එංගලන්තයේ බ්රඩ්පෝඩ් ද්විතියික පාසලේ දැන්වීම් පුවරුවක,පලවූ නිර්නාමික සත්ය ලිපියක් ඔබ හමුවේ තබමි......

ආදරණීය ගුරුතුමාණෙනි...,
මම රැදවුම් කදවුරකින්
දිවි ගලවා ගත් අයෙක්මි.
මගේ ඇස්
කිසිම මනුස්සයෙකු විසින් නොදැකිය යුතු
උගත් ඉංජිනේරුවන් විසින්
සාදන ලද විෂ වායු කාමර
උගත් වෛද්ය වරුන් විසින්
විෂ එන්නත් කරන ලද ළමයින්,
පුහුණු හෙදියන් විසින්
මරා දමන ලද බිලිදුන්,
උසස් විද්යාල වල උගත් ශිෂ්යයන් හා
විශ්ව විද්යාලවල උගත් උපාධිධාරීන් විසින්
වෙඩිතබා පුලුස්සන ලද,
කාන්තාවන්ගේ හා අතදරුවන්ගේ
මළසිරුරු දැක්කා....
මට දැන් අද්යාපනය ගැන සැකයි.
මගේ ඉල්ලීම
ඔබෙන් ඉගෙන ගන්නාසිසුන්ට
මානුශික වීමට උපකාර කරන්න.....
ඔබේ උත්සාහය කිසිවිටකත්
උගත් රාක්ෂයින්
කුසලතා පිරිපුන්
මනෝ විකෘතිකයින්,
උගත් අයිච්මාන්වරුන්,
බිහි කිරීමට හේතු නොවේවා.....
කියවීම,ලිවීම,ගණිතය වැදගත් වන්නේ,
ඒවා අපේ දරුවනට
වඩාත් මානුශික වීමට
මග පෙන්වන්නේ නම් පමනි....




historyimages.blogspot.com










     -උපුටා ගැනීම, ජනක අබේවර්ධන ගුරුතුමා විසින් ලමයින්ට නොමිලයේ බෙදා දෙන දැක්ම සගරාවේ පලවූ ලිපියකිනි-

          ලගදි දවසක මට මේ ලිපිය අහම්බෙන් වගේ කියවන්න හම්බුනේ.මට හිතුනා හැමෝටම කියවන්න මේක බ්ලොග් එකට දාන්න ඕන කියලා......මෙච්චර කාලයක් දාපු පෝස්ට් වලට වඩා ගොඩක් වෙනස් පෝස්ට් එකක් තමයි.හොදයි කියලා දැනුන නිසා දැම්මා.මේ වගේ එකක් ආයේ හම්බුනොත් අනිවා දානවා......


පෝස්ට් එක හිතට ඇලලුවනන් අනිවා කොමන්ට් එකක් දාන්න හොදේ...........ඒක පොඩි දෙයක් උනාට අපිට ඒක ගොඩක් වටිනවා.පුලුවන්නම් ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේ ලින්ක් ඔයාලගේ ‍ෆේස් බුක් එකේ දාන්න........




එහෙනන් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු

No comments:

Post a Comment

කමන්ට් එකක් දාලා සපෝර්ට් එකකුත් දීලම යන්න....................................................................................................