ඔටුනු පලදින්නට වරම් නොලත් ලාංකිකයා
රණතුංග කරුණානණ්ද.,නම
අහපු ගමන්ම කාටවත්ම මීටර් වෙන එකක් නම් නැති වෙයි.මේ කතාව නම් ටිකක් වෙනස් කතාවක්.සත්‍ය
සිදුවීමක්.වැඩිය කතා ඕන නෑ.කෙලින්ම කතාව කියන්නන්කො. රණතුංග කරුණානණ්ද කියන්නේ 60 දශකයේ ලංකාවේ
හිටපු විශිෂ්ඨ මලළ ක්රීඩකයෙක්.දැන්නම් කට්ටියට ටිකක් කතාව මතක් වෙනවත් ඇති.........

ගතේ ශක්තිය
දුර්වල වුනත් හිතේ ශක්තිය උපරිම වූ කරූ එදින ශ්රී ලංකාව වෙනුවෙන් තරගයට සහභාගී
වුනා.තරගය ආරම්භකර වැඩිවෙලාවක් යන්න කලින්ම කරූ අනෙක් ක්රීඩකයින්ගෙන් වෙන් වී
හුදකලා ධාවනයක යෙදුනා.වැඩි වෙලාවක් යන්න
කලින් අනෙක් ක්රීඩකයන් ඔහුට වඩා වට කිහිපයක්ම ඉදිරියෙන් සිටියා.ඇමරිකානු ජාතිකයෙක්
වන බිලී මිල්ස් තරගයේ පලමු වෙන්නා ලෙස තරගය අවසන් කරද්දී කරූ සිටියේ ඔහුට වඩා වට 4ක්ම පිටිපස්සෙන්.ඒ සමගම
බොහෝ ක්රීඩකයින් තරගය අවසන් කරා.ඇතැමුන් නතර වුනා.දාවන පතයේ දැන් කරූ පමණයි.
නමුත් කරූ
තරගය අතහැර නොදමා තරගය අවසන් කරන අදිෂ්ඨානයෙන් දාවනයේම යෙදුනා.තරගය අවසන් කිරීමට
ඔහු තව වට 4ක් යා යුතුයි.පලවෙනි වටය යන විට නරඹන්නන්ට ඔහුව විහිලුවක් වුනා.නමුත්
කරූ දාවනයේ.ඔහුට සිනාසෙමින් සිටි සියල්ලම
නිහඩ කරමින් ඔහු දෙවන වටයත් දාවනය කරා.සෑම දෙනාම නිහඩව ඔහු දෙස බලා සිටියි.ඔහු
තුන් වන වටය ආරම්භ කරතිම නිහඩතාව බිදිමින් සියල්ලෝම ඔහු වෙනුවෙන් ප්රීති ඝෝෂා පතුරවන්නට විය.ඔහුට විහිලු කල ප්රේක්ෂකයන්ම
දැන් ඔහු වෙනුවෙන් ඔල්වරසන් දෙයි.සියල්ල මැද්දේ දැන් ඔහු දිව යන්නේ ඔහුගේ අවසන්
වටයයි.මුලු ප්රේක්ශකාගාරයම ආසන වලින් නැගිට ඔහුට අත්පොලසන් දෙයි.ඒ සියල්ලන්ගෙම දෑස්
වලට කදුලක් නන්වමින් අපේ කරූ තරගය අවසන් කරේය.
තරග විනිශ්චය
කරුවන් කරූගෙන් තනියම වට හතරක් තරග කරේ මන්ද යැයි විමසූ විට ඔහු පැවසුවේ
“ජයග්රහනයට වඩා සහභාගීත්වය වැදගත් කියලා කියන්නයි මට ඔන වුනේ“ යන්නයි.රන් පදක්කම
දිනූ මිල්ස් පැවසුවේ ඔහු ලබා ගත් ජයග්රහනයට වඩා විශාල ජයග්රහනයක් රණතුංග කරුණානණ්ද
විසින් ලබාගෙන ඇති බවයි.රන් පදක්කම දිනුවාටත් වඩා ගෙෘරවයක ලංකාවට ගෙන ආ මේ විරුවා
ගැන ඇතැමුන් අසන්නට ඇත්තේද අදය.එය අප ලැජ්ජ විය යුතු කාරණයකි.අදටත් රණතුංග
කරුණානණ්ද ගැන ජපානයේ පාසැල් වල ලමුනට උගන්වයි.ජපානයේ පාසල් පෙල පොත් වලද මොහු ඉගැන්වූ
පාඩම ඇතුලත් කර ඇත.ජපානයේ එහෙම වෙද්දි ලන්කාවේ අපි අදටත් ඒ ගැන සැලකිල්ලක් නෑ.මමත්
මේ සිද්ධිය ගැන හරියටම දැන ගත්තේ මම පාසල් අවසන් කර අවුරුද්දක්ම ගිය පසුයි.
ලන්කාවේ එවක
හිටපු ක්රීඩා පාලකයන්ට මොහුගේ වටිනාකමක් නොමැති වුනාට ජපානයේ පාලකයින්ට නම් මොහු
මැනිකක් විය.ඔවුන් මොහුට ජපානයෙන් රස්සාවක් හා ගෙයක් ලබා දී ජපානයේ වාසය කිරීමට
ආරාධනා කරා.නමුත් කරූ ජපානයට යාමට පෙර ලන්කාවේදී අවාසනාවන්තව අභිරහස් ලෙස මිය
ගියා.ඇතැමුන් විශ්වාස කරන්නේ මෙය මිනී මැරුමක් කියාය.

ඔයාල මේක
කියවලා මොනවාහරි දෙයක් හිතට ගන්න ඇති කියලා හිතෙනවා.ලංකාවේ ක්රීඩාව පිරිහීයන කාලයක
මෙවන් සිදුවීම් ජනතාව අතරට ගෙන යා යුතුයි.යාලුවන්වත් මේක කියවන්න යොමු
කරවන්න......................................
වීඩියෝව මෙතනින් බලන්න
http://www.youtube.com/watch?v=eEWDdfTP2qI
වීඩියෝව මෙතනින් බලන්න
http://www.youtube.com/watch?v=eEWDdfTP2qI
පෝස්ට් එක හිතට ඇලලුවනන් අනිවා කොමන්ට් එකක් දාන්න හොදේ...........ඒක පොඩි දෙයක් උනාට අපිට ඒක ගොඩක් වටිනවා.පුලුවන්නම් ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේ ලින්ක් එක ඔයාලගේ ෆේස් බුක් එකේ දාන්න........
එහෙනන් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු
machan sirawatama api api ganama lajja wenna ona.mamath meka gana danagaththe ada.jaya wewa!proud to be a srilankan
ReplyDelete
Deleteආසියාවේ ආශ්චර්යනේ කොල්ලෝ.................proud to be a Sri Lankan.ජය වේවා..................
neyamai
ReplyDeleteකොමන්ටුවට තෑන්ක්ස් මචා.....
Delete