දිනෙන් දින එලිවෙන රොස්වෙල් සිද්ධිය



      දිනෙන් දින එලිවෙන රොස්වෙල් සිද්ධිය





ඒ 1947 ජූලි දෙවනිදාය.පිටසක්වල ජීවීන් ගැන මහත් ආන්දෝලනාත්මක සිද්ධිය වූ රොස්වෙල් සිද්ධිය සිදු වූයේ එදිනය.කෙසේ වෙතත් මේ වකවානුව තුල පිටසක්වල ජීවීන් හා හදුනා නොගත් පියාඹන යානා(ufo) පිලිබදව බොහෝමයක් සිදුවීම් වාර්ථා වුනි.


රොස්වෙල් ප්රාන්තයේ සිදු වූ මෙම සිදුවීම යටපත් කිරීමට ඇමරිකානු බලදාරීන් ඉමහත් මහන්සියක් ගත්තත් ඒ සියල්ල මැඩලමින් මේ දින වල සත්‍ය එලිවෙමින් පවතී.අනතුර සිදුවූ විගසම ඇමරිකානු ගුවන් හමුදාව විසින් එම ප්රදේශය අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර එම ප්රදේශය විශේෂ පරික්ෂාවකට ලක් කර ඇත.එහිදී හමුවී ඇති ලෝහ තහඩු ඉතාමත් ශක්තිමත් වන අතර ඒවා ඉතාමත් සිහින්ය.එම ලෝහය ඊට පෙරාතුව පෘතිවියෙන් සොයා ගැනීමටද හැකිවී නැත.කෙසේ වෙතත් ඊට පසු දිනම ඇ.ගුවන් හමුදාව විසින් විශේෂ ප්රකාශයක් කර පවසා සිටියේ පෙර දින සිදු වූයේ කාලගුන බැලුමක් පිපිරීමෙන් සිදු වූ අනතුරක් බවටය.


මෙම සිදුවීමේ අග මුල හෙලි වීමට පටන් ගත්තේ මේජර් ජෙසි මාර්ෂල් විසින් සිදු කරනා ලද ප්රකාශයත් සමගය.ඔහු පවසා සිටියේ එදින ඔහු විසින් පරික්ශා කර හමුදාවට බාර දුන් සුන්බුන් හා ලෝහ කොටස් කිසිවෙකු විසින් මාරු කර මාධ්‍යයට පෙන්වා ඇති බවයි.තවද ඔහු පවසන ආකාරයට එම ස්ථානයේ මිනිසුන් නොවන නමුත් මිනිසුන්ගේ හැඩරුවට තරමක් සමාන හැඩරුව ඇති ජීවින් 4 දෙනෙකුගේ සිරුරුද තිබී ඇත.එම ජීවීන් 4 දෙනාගෙන් කිහිපයක්ම පිලිස්සීම නිසා දැඩි ලෙස විකෘති වී තිබුනු අතර එක් ජීවියෙක්ට පණ තිබුණු බවද ඔහු සදහන් කරේය.එම ජීවීන් මිනිසුන් තරම් උස නැති අතර ඔවුන්ගේ හිස මිනිස් හිසකට වඩා විශාලය.නමුත් ඔහුගේ ප්රකාශය යටපත් කරමින් ඇමරිකාව ප්රකාශ කලේ එම යානය මෝගෝ ව්‍යාපෘතිය යටතේ ඉහල අක්ෂාංශ වලට යැවූ බැලූනයක් බවයි. ‍
තාවකාලිකව යටපත් වූ මෙම රහස නැවත එලිවීමට පටන් ගත්තේ 1995 දීය.ඇමරිකාව අසරණ කරමින් ජැක් බාන්ට්(1947 හමුදා කැමරා ශිල්පියෙක්) විසින් මාධ්‍යයට රොස්වෙල් සිද්ධිය සිදුවූ අවස්ථාවේ රූගත කරන ලද වීඩියෝවක් නිකුත් කලේය.එම යානාවේ සුන්බුන් හා එම ජීවීන්ගේ සිරුරුද පරික්ෂාවට ලක් වන අයුරු එම වීඩියෝවෙ සටහන් වි ඇත.එමෙන්ම එක් ජීවියෙකු අත පය චලනය කරනා ආකාරයද ඔහු විසින් වීඩියො කර ඇත.


එවක මිනිසුන් මෙ වීඩියෝව පිලිගැනීමට මැලිකමක් දැක්වූයේ එම  වකවානුවේ දී තිරගත වූ ජුරාසික් පාර්ක් චිත්ර පටිය නිසාය.මිනිසුන් සිතුවේ එයද කෙනෙකු විසින් නිශ්පාදනය කරන ලද්දක් යැයිකියාය.නමුත් මෙම වීඩියෝව නරඹන ලද ජුරාසික් පාර්ක් චිත්රපටියේ නිර්මාතෘ ජැක් බාන්ට්ට පැවසූයේ වෙනස්ම කතාවකි.ඒ ජැක් විසින් මේ වීඩියෝව ව්‍යාජව සාදන ලද්දක් නම් ඔහුට තමා සමග ඉහලම පඩියක් යටතේ චිත්රපට සෑදීමට අවස්ථාවක් ලබා දෙන බවයි.
මේ දිනවලද රොස්වෙල් සිද්ධිය ගැන විශාල ආන්දෝලනාත්මක කතා ප්රසිද්ධ වෙමින් පවතී.ඒ ඇමරිකාවේ area 51 තුල සිදුවූ ගනුදෙනුවක් පිලිබදවය.රොස්වෙල් වලින් හමුවූ පිටසක්වල ජීවීන්ගේ සිරුරු ඔවුන්ට ලබා දී ඔවුන්ගේ තාක්ෂණයෙන් බිදක් ලබා ගැනීම මෙම ගනුදෙනුවයි.මෙය ප්රකාශ කර ඇත්තේ විශ්රාමික ඇ.cia සාමාජිකයෙකු විසිනි.





www.mithquest.blogspot.com




එහෙනන් ඊලග පෝස්ට්එකෙන් හමුවෙමු



4 comments:

  1. Replies
    1. තෑන්ක්ස් වේවා කලු කුමාර අය්‍යා.කලුවර අඩවිය පැත්තට ගිහින් බැලුවද?ඔයා කැමති සය්ඩ් එකක්.

      Delete

කමන්ට් එකක් දාලා සපෝර්ට් එකකුත් දීලම යන්න....................................................................................................