විශ්ව අභිරහස් වල පලමු විත්තිකරු
ඒලියන්ස්හැම අභිරහසකම පලවෙනි විත්ති කාරයා,ඒලියන්ස්ල ගැන තමයි අද කියන්නේ. සතියකින්ම පෝස්ට් එකක් දාන්න බැරි වුනානේ.පොඩි විස්තර වගයක් හෙව්වා ඒකයි.හුගක් අය කතා තරන්න කැමති මාතෘකාවක් තමයි ඒලියන්ස් කියන්නේ.සමහරු නන් මේවා පිලිගන්නේ නෑ.ඒ වුනාට කමක් නෑ මේක කියවලා බලන්නකො.
prakashswamy.blogspot.com
අපි ලොකුවට හිතලා බැලුවේ නැති වුනාට මායා,ඉන්කා,මොහෙනජොදාරෝ හරප්පා හා විශේෂයෙන්ම මිසර ශිෂ්ඨාචාරයෙත් අහසේ සැරිසරන වස්තූන් හා පුද්ගලයින් ගැන සදහන් වෙනවා.වෙන මොනවත් ඕන නෑ අපි අපේ ඉතිහාසය බලමු.රාම රාවනා යුද්ධය ගැන ඔයාලත් අහලා ඇතිනේ.ඒකෙත් කියවෙනවා රාමා හා රාවණාගේ පිරිස බිම සටන් කරන කොට තවත් පිරිසක් අහසේ ඉදන් සටන් කරා කියලා.ගිනි බෝල,ගිනි ජාලා වගේ දේවල් යවමින් තමයි සටන් කරල තියෙන්නේ.රාවණාට පිටසක්වල තාක්ෂණය තිබිලා තියෙනවා කියලා ගොඩක් අය විශ්වාස කරනවා.රාමායනයේ කොහොම තිබුනත් රාවණා කියන්නේ එසේ මෙසේ පොරක් නෙමෙයි.(රාවණා ගැනත් ඉස්සරහට දාන්නන්)හැම ශිෂ්ඨාචාරයකම දෙවි වරු කියලා හදුන්වන අය එන්නේ අහසේ ඉදලා.මිසරයේ ජනප්රවාද වලට අනුව ඒ අයට පිරමීඩ හදන්න උදව් කරලා තියෙන්නේ අහස ආරක්ශා කරන දෙවි වරු.
www.endlessloopphotography.com
නස්කා රේඛා ගැන අහලා තියේද?ඔය රූපෙ තියෙන්නේ නස්කා රේඛා.බැලූ බැල්මට නම් මුකුත් පේන එකක් න.හොදට බැලුවොත් පෙනේවි සමාන්තර රේඛා රේඛා දෙකක් කදු නිම්න හරහා ඈතට යනකම් ඇදිලා තියෙන බව.මේ රේඛා දෙක සමාන්තරව කි.මී ගනනාවක්ම ඈතට තියෙනවා.වැඩේ කියන්නේ ඒ රේඛා උඩ තණ කොල ගහක්වත් හැදෙන්නෑලු.විද්‍යාඥ්ඥයන් කියන්නේ එහෙම වෙලා තියෙන්නේ අධික තාපයක් ඇතිවීමෙන් කියලා.ඉස්සර කාලේ මිනිස්සු ගින්දරෙන් වැඩ ගන්නත් කලින් තමයි මේක හැදිලා තියෙන්නේ.හරියට නිකන් ලේසර් පාරක් වැදිලා වගේ.මේ සිද්ධිය ගැනත් ප්රදානම සැකය තියෙන්නේ පිටසක්වල ජීවීන් ගැන.
www.chathucn.blogspot.com
පිටසක්වල ජීවීන් ගැන ලෝකෙම කතා කරපු සිද්ධිය තමයි රොස්වෙල් සිද්ධය.කාලගුණ බැලුමක් කඩා වැටුන කියලා තමයි ප්රසිද්ධ උනේ.හැබැයි දැන්නම් ටික ටික වැඩේ මාට්ටු වෙගෙන යන්නේ.පිනතූරෙ බලන්නකො.වම් පැත්තේ තියෙන්නේ පිරමීඩයක ඇතුලු වීමේ දොරටුවක තියෙන රූපාක්ෂර වගයක්.එතකොට අනිත් පැත්තේ තියෙන්නේ රොස්වෙල් සිද්ධිය වුනු තැන තිබිලා හමු වුනු ලෝහ කැබැල්ලක්.බලන්න රූපාක්ෂර සමාන නැද්ද කියලා.ඔයාලා දන්නවා ඇතිනෙ ඇත්තටම රොස්වෙල් වලට කඩන් වැටුනේ පිටසක්වල යානයක් කියලා.ඉතින් මොකක්ද මේ පිටසක්වලයි ඊජිප්තුවයි අතර සම්බන්දය?
www.mysterytouring.blogspot.com
මේ චිත්රය බලන්නකො.මේක ලෝකප්රසිද්ධ චිත්රයක්.ඉතාලි ජාතිකයෙක් තමයි ඇදලා තියෙන්නේ.හුගක් පරණ චිත්රයක්.(ඇදපු කාලයනම් මට හොයා ගන්න බැරි වුනා.මොනවා උනත් හුගක් පරණ චිත්රයක්)බලපු ගමන්ම පේනවා ඇතිනේ අහසේ මොකද්ද තියෙන්නේ කියලා.හරියට පීරිසියක් වගේ ආකාශ වස්තුවක්.ඈත මිනිහෙක් හා බල්ලෙක් ඒක දිහා බලන් ඉන්නවා.චිත්ර ශිල්පියා ඇත්තටම මොකද්ද මේ චිතරෙන් කියන්න හදන්නේ?ඔහු දැකපු දෙයක් සමාජයට කියන්න මාධ්‍යයක් විදිහට චිත්රෙ ඇදලද?
හැමෝම අහලා ඇතිනේ ටිටිකාකා විල.පංච මහා විල් වලින් එකක්.පිහිටලා තියෙන්නෙ බොලීවියා හා පේරු අතර.දන්නවද ඒ අයගේ භාසාවෙන් ටිටිකාකා කියන එකේ තේරුම.,රොක් පූමා තමයි ඒකේ තේරුම.ඇයි විලකට සතෙක්ගෙ නමක් දැම්මේ.ඔය පිනතූරෙන් තියෙන්නේ ඒ විලේ සැටලයිට් චායා රූපයක්.හොදට බැලුවොත් පෙනේවි විල නිකන් පූමා කියන සතාගේ හැඩයට තියෙනවා කියලා.ඉස්සර මින්ස්සු කොහොමද උඩින් බලන්නේ නැතුව හරියටම එහෙම නමක් දැම්මේ?ඒ රටේ පුරාවෘත වල තියෙනවා ඔවුන්ගේ මුතුන් මිත්තන් අහසේ සැරිසරන අය සමග ගනුදෙනු කරා කියලා.
www.december2012thefacts.com
එතකොට මේ තියෙන්නේ වගා බිමක සටහන් වෙලා තිබුන සලකුනු.විශාල ප්රදේශයක් පුරාවට මේ සලකුන කරල තියෙන්නේ 100% ක්ම ජ්‍යාමිතිය අනුව නිවැරදි ආකාරයට.විද්‍යාඥ්ඥයන් කියන්නේ බිම ඉදන් මේ වගේ නිර්මානයක් එක රැයකින් කිසිසේත්ම කල නොහැක්කක් කියලා.ඒ විතරක් නෙමෙයි,මේ වගා නිර්මානය කරලා තියෙන්නේ ලේසර් වලින්.
තව ගොඩක් දේවල් තියෙනවා.ඒවා ගැන තව ටිකක් හොයලා බලලා දාන්නම්කො.මේ පෝස්ට් එක නම් ටිකක් විතර පොඩියි.කමක් නෑ හෙට අනිද්දට තව එකක් කොහොම හරි දාන්නම්.බර්මියුඩා ත්රිකොනේ ගැන තිබුන පෝස්ට් එකයි,ඊජිප්තුව ගැන තිබුන පෝස්ට් එකයි ගොඩක් අය කියවලා තිබුනා.ඒක නිසා තමයි ඒලියන්ස්ල ගැන ලිව්වේ.
පෝස්ට් එක හිතට ඇලලුවනන් අනිවා කොමන්ට් එකක් දාන්න හොදේ...........ඒක පොඩි දෙයක් උනාට අපිට ඒක ගොඩක් වටිනවා.පුලුවන්නම් ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේ ලින්ක් ඔයාලගේ ෆේස් බුක් එකේ දාන්න........
www.mithquest.blogspot.com
එහෙනන් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු
niyamai
ReplyDeleteකමන්ට් කරලා සපෝර්ට් කරන එකම එල.දිගටම අපිත්ෙක්ක ඉන්න
DeleteElaH
ReplyDeleteතෑන්ක්ස් මචා
Deleteniyamai bro.digatam liyanna.adai mea paththe awe fb link ekakin.digatama ennam..
ReplyDeleteඅනිවා මචෝ දිගටම ලියනවා.අද හෙට තව පෝස්ට් එකක් දානවා.ඒවත් කියවන්න.
Deletepatta patta. thawa danna. dana okkoma kiyawanawa. !
ReplyDeleteaniwa.......digatama me pattata awith yanna
Deletewowwww niyamai <3 <3 <3
ReplyDeletethanks.anith posts kiyawala balanna.thawath ewa issarahata dannan
Deletewowww niyamai <3 <3 :)
ReplyDelete