අද කියන්න
හදන්නෙ නම් එච්චර ප්රසිද්ධ හොල්මන් චරිතයක් නෙමෙයි.නුවර පැත්තේ අයනන් දස්කෝන් ගැන
හොදට දන්නවා ඇති.දන්න අයයි නැති අයයි ඔක්කොමලා මේක කියවල බලන්නකො.දස්කෝන්ගෙ
පිටිපස්සෙත් ලොකු පුරාවෘත කතාවක් තියෙනවා.
පුරාවෘතයෙ තියෙන්නේ මහනුවර රාජධානිය තිබුණු කාලේ උන සිද්ධියක් ගැන.දස්කෝන්
කියන්නේ ඒ කාලේ හිටපු මහරජ්ජුරුවන්ගේ අදිකාරම් කෙනෙක්ලු.රජ්ජුරුවොන්ගේ ලගම තමයි
මිනිහා ඉදලා තියෙන්නේ.කොච්චර ලගින් හිටියද කියනවා නම් රජ්ජුරුවන්ගේ දේවියත්
දස්කෝන් එක්ක සෙට් වෙලා.හැබැයි රජ්ජුරුවො නම් මේ සීන් එක දන්නේ නෑ.දෙන්නට දෙන්නා
මාර විදිහට ආදරේලු.
දවසක් රජතුමා රාජකීය චිත්ර ශිල්පියා කැදවලා වැඩක් පැවරුවලු.එසේ මෙසේ වැඩක්
නෙමේ,දේවියගේ චිත්රයක් අදින්න.හැබැයි අදින්න කියල කිව්වේ දේවිය නිරැවතින් ඉන්න
චිත්රයක්. චිත්ර ශිල්පියට මාර කොටි වලිගයක් තමයි අල්ල ගන්න වුනේ.හරියට ඇන්දෙ
නැත්නම් මරණෙ තමා.ඉතින් මිනිහා දන්න විදිහට ඇන්දලු.කට්ටිය කියන විදිහට නම් මේ
චිත්ර ශිල්පියා චිත්රේ ඇදලා තියෙනවා බලන අයට උන්හිටිතැන් අමතක වෙන්න.ඒ තරම් චිත්රෙ
හැඩයිලු.
ඔන්න ඔය වෙලාවෙ තමා දස්කෝන් අදිකාරම් තුමා ඔතනින් ගිහින් තියෙන්නේ.මිනිහත්
චිත්රේ දැකලා වශී වෙලා වගේ ටිකක් වෙලා බලන් ඉදලා.හැබැයි දස්කෝන්ට චිත්රෙ මොකක් හරි
අඩුවක් දැනිලා.පොඩ්ඩක් කල්පනා කරපු දස්කෝන් චිත්ර ශිල්පියාගෙන් පින්සල ඉල්ලගෙන
චිත්රෙ ඉන්න දේවියගේ කකුලේ කලවයක උඩට වෙන්න උපන් ලපයක් ඇදලා. චිත්ර ශිල්පියාටත් මේ
වෙච්ච සිද්ධියට නිකන් පිස්සු වගේලු.කමක් නෑ ඕන මගුලක් කියලා චිත්ර ශිල්පියා චිත්රේ
රජ්ජුරුවන්ට බාර දීලා.චිත්රෙ දැකපු රජ්ජුරුවන්ට ඌරුජුවල්.තමා විතරක් දන්න මේ උපන්
ලපේ මූ කොහොමද දන්නෙ කියලා.ඔය වෙලාවෙ තමයි චිත්ර ශිල්පියා රජ්ජුරුවන්ට සීන් එක
කිව්වේ.ඊට පස්සෙ වුන දේ ඉතින් කියන්න ඕන නෑනේ.දස්කෝන්ගේ හිස ගසා දාලා.මොනවා උනත්
දස්කොන් ඇත්තටම දේවිට ආදරෙයිනේ.මැරෙන වෙලාවෙත් ඒක වෙනස් වෙලා නෑ.
කට්ටිය කියන විදිහට දස්කෝන් හොල්මනක් වෙලා තාමත් තමන්ගේ පෙම්වතියව හොයනවා.මේක
ඉතින් පුරාවෘතයක් විතරයි.ඇත්තද බොරුද කියන්නන් මම දන්නෙ නෑ.හැබැයි දැකපු අය නැතුව
නෙමෙයි.නිලමේ කිට් එකක් ගහගෙනලු එන්නේ.ඔලුවත් අතේ අරන්නේ එනවයි කියන්නේ.
හැම හොල්මන් චරිතයකටම පාදක වුන පුරාවෘත කතාවක් තියෙනවා.බොහෝ දුරට දුක හිතෙන
කතාවක් තමයි තියෙන්නේ.කලින් දාපු පෝස්ට් එක මතකනේ(උලමා ගැන). තව ඉස්සරහටත් හොද කතා
දානවා.අනිවා කියවන්න........
පෝස්ට් එක හිතට ඇලලුවනන් අනිවා කොමන්ට් එකක් දාන්න හොදේ...........ඒක පොඩි දෙයක් උනාට අපිට ඒක
ගොඩක් වටිනවා.පුලුවන්නම් ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේ ලින්ක් ඔයාලගේ ෆේස් බුක් එකේ දාන්න........
www.mithquest.blogspot.com
එහෙනන් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු
කමෙන්ට් නෑ කියල සැලෙන්න එපා. දිගටම ලියන්න. හැබයි ඇත්ත ලියන්න. සේවයක් කල කෙනෙකු ලෙස හැමදා ඔබේ නම පවතීවි.
ReplyDeleteතෑන්ක්ස් අය්යේ.තව ගොඩක් දේවල් නන් තියෙනවා.නිවාඩු පාඩුවේ දානවා.දැම්මම මේ පැත්තට එන්න හොදේ
Deletego ahead machan
ReplyDeleteTnx macho.ohoma comment karala support eka denawanan digatama dannan.digatama apith ekka inna macho
Deletedigatama kara gena yanna. suba petum...
ReplyDeleteThanks wewa.digatama me paththata ewith yanna
DeleteGood work machan. Keep it up.
ReplyDeletethanks machan.keep in touch with us.........................
Deletemaxa kollo maxa
ReplyDeletetnx macho.comment eka sahenna watinawa....
Deleteha ha.. nice story ... lol
ReplyDelete